උතුරේ හිටුප ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

උතුරේ හිටුප ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස් විය. එම පුරප්පාඩුව සඳහායි හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරිය පත්කර තිබෙන්නේ.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළ අතර ඊට පෙර ඇය යාපනය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn