පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය යළි සලකා බැලීමට සුදුසු කාලය එළැඹ ඇති බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් පවසයි.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වූ බවද ඔහු සඳහන් කරයි.
මීට පෙර මන්ත්රීවරුන්ට වාහන ආනයනය කිරීමේ තීරණය, රට තුළ උද්ගතව තිබූ තත්වය හේතුවෙන් අවලංගු කරන ලෙස මන්ත්රීවරුන් විසින්ම ඉල්ලා සිටි බවද මන්ත්රී සාගර කාරියවසම් සඳහන් කළා.
ඒ අනුව මන්ත්රීවරුන්ට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බවත් ඒ ගැන අවසන් තීරණයක් නොගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










