තමන් වෙස්සන්තර වගේ හිස දන්දීමට වුවත් සූදානම් බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති එස්.එම් චන්ද්‍රසේන පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ තමන් කාබනික පොහොර වාගව සඳහා ව්‍යාපෘති සඳහා ඉඩම් අක්කර සිය ගණනක් වුවද ලබා දීමට සූදානම් බවයි. හැකියාව ඇති ආයෝජකයන් ඉදිරිපත්වන්නේනම් අක්කර 25ක් නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවද ලබාදෙන බව ඔහු පවසයි. මේ වනවිට එලෙස ලබාදී ඇතැයිද ඔහු අවධාරණය කරයි.
ඉන්දියාවේ හද නැනෝ යූරියා මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා යුනයිටට් ෆාමස් ට්‍රස් ලිමිටඩ් කියන ආයතනය එම කටයුත්ත සඳහා ඉල්ලීමක් කර ඇතැයිද ඇමති චන්ද්‍රසේන පවසයි.
අද මහින්දානන්ද ඇමතිවරයාගේ පඹයන් නිර්මාණය කර ඔළුවට, මුහුණට පහරදෙන බවත් ටොකු අයින බවත් තමන්ගේද පඹයෙකු නිර්මාණය කර එසේ කරන්නේනම් තමන් කැමති බවත් ඔහු සඳහන් කරයි. තමන්ද හිස දන් දුන් වෙස්සන්ත මෙන් සතුටු වන බවත් ඔහු පවසයි.










