මාස ගණනාවක සිට ජාතික රූපවාහිනයේ පවතින උග්‍ර මූල්‍ය අර්බුදය නිසා පසුගිය මාස කිහිපයක් තුළ සේවක වැටුප් ගෙවීමට ප්‍රමාද වී ඇති අතර අද (25) දින ගවීමට නියමිතව තිබූ වැටුපද නියමිත පරිදි ගෙවීමට හැකිවි නැත. ඒ හේතුවෙන් මේ වනවිට ජාතික රූපවාහිනිය තුළ උණුසුම් තත්වයක් හටගෙන ඇත.
වැටුප් නොගෙවීමත් ඊට පාදක වී ඇති වංචා දූෂණ ඇතුළු කරුණුත් පදනම් කරගෙන අද දින එහි සේවක සේවිකාවන් එක්ව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා සහ අධ්යක්ෂ ජෙනරාල්වරයා කාර්යාල කාමරයක් තුළ සිරකරමින් විරෝධතාවයක නිරතවී තිබේ.
මේ වනවිට ජතික රූපවාහිනියට වගකිවයුත්තෙකු නැති තත්වයට පත්ව ඇතැයිද එහි සේවකයෝ සඳහන් කරති.
Views: 0










