හකීම් බිලිබා ගැනීමේ උත්සාහයක

රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් පිරිසක් මුස්ලිම් කොංග්‍රසයේ නායකයින් සමග හදිසි සාකච්ඡාවක් ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

මෙම අවස්ථාවට මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ නායක, රවුෆ් හකීම්, මහලේකම් හසන් අලී හා නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් සහභාගී වී ඇත. ආණ්ඩුව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම යන පිරිස සම්බන්ධ වී තිබේ.

බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබා දෙන බව පැවසීමත් සමඟ මුස්ලිම් කොංග්‍රසය තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කරනවාද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සූදානම් වන වටපිටාවක මෙම සාකච්ඡාව පැවැත්වීම තීරණාත්මක වන බව පැහැදිලිය.

මුස්ලිම් කොංග්‍රසය කුමන තීන්දුවක් ගත්තද මුස්ලිම් ජනතාව මුළුමනින්ම පාහේ රාජපක්ෂ පිල හැරගොස් ඇති බව අනාවරණය වේ.


Facebook
Twitter
LinkedIn