ඇමරිකාව යළිත් ඇවිලෙයි

ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ ශාන්ත ලුවිස්හි ෆර්ගියුසන් නගරයේ නැවතත් ගැටුම් උත්සන්න වී තිබේ. පසුගිය අගෝස්තු මස 09වැනි දින සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය යෑමත් සමග ඇමෙරිකාව පුරා කළු ජාතිකයින් තමන් මුහුණ දී සිටින දරුණු වර්ණභේදවාදය එරෙහිව දැවැන්ත අරගලක් දියත් කරනු ලැබීය.

එම සිදුවීමෙදී තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා නිර්දෝෂී යැයි අධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමග නැවතත් ජනතාව වීදි බැස විරෝධය පළ කරමින් විරෝධතා ආරම්භ කරනු ලැබීය.

එම ගැටුම් ඊයේ (28) සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර පොලිස් රථවලට ගිණි තබමින්  කඩ සාප්පුවලට පහර දෙමින් කළහකාරීව හැසිරෙන බව වාර්තා වේ.  එම ප්‍රදේශයට කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා හමුදා සේනාංක කැඳවා ඇති බවද වාර්තා වේ.

මෙතෙක් කලක් ඇමෙරිකාව පුරා බලහත්කාරයෙන් යටපත් කොට තිබූ වර්ණභේදවාදය හා සිඝ්‍රයෙන් වර්ධනය වන ඇති නැති පරතරයත් හේතුවෙන් ජනතාව දැඩිලෙස පීඩාවට ලක්වී ඇති බවට කදිම උදාහරණය මෙය බවත් ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගැන පුරසාරම් දොඩන ඇමරිකාවේ නිරුවතත් මෙම සිදුවීම් සමඟ හෙළිවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


Facebook
Twitter
LinkedIn