එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ 2015 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 1කින් පරාජයට පත්වී තිබේ.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවට ඉද්රිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 2කකුත් විපක්ෂව ඡන්ද 3කුත් ලැබි ඇත.
උප සභාපති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු අයවැය වර්ජනයකර ඇති අතර විපක්ෂය නියෝජනය කළ ජවිපෙ මන්ත්‍රීවරයාද එජාප මන්ත්‍රීවරුන් දෙදෙනාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
එම සභාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 06කුත් ක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 02කුත් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 01කුත් ලෙස බල සංයුතිය බෙදී තිබේ.
1









