තවත් රාජපක්ෂ කෙනෙක් කරළියට

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත්විමට නියමිත බව දැනගැනීමත් සමග රාජපක්ෂ පිළ නියෝජනය කරමින් ඔහුව හමුවීමට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා ඉතා පරුෂ වචනයෙන් බැනවැදී ඇතැයි වාර්තා වේ.

යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා වන අතර ඔහු දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකි.

මේ අවස්ථාවේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා දැඩි ලෙස පවසා ඇත්තේ තමන්ට අඩුම තරමේ ආසන සංවිධායක ධුරයක් හෝ ලබා දීමට ජනාධිපතිවරයා එකඟනම් පමණක් ඒ සම්බන්ධයෙන් සිතා බැලිය හැකි බවයි.

කෙසේ නමුත් සෝලංගආරච්චි මහතාගේ ඉල්ලීමට රාජපක්ෂ පිළෙන් මෙතෙක් ප්‍රතිචාර ලැබී නැති අතර සෝලංගආරච්චි මහතාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ බොහෝවිට ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට එක්වනු ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්