සතොසේ සියලු තොරතුරු ජනපති ආ පසු ලබාදෙනවා… තුෂාන් ගුණවර්ධන

සතොසේ සියලු තොරතුරු ජනපති ආ පසු ලබාදෙනවා… තුෂාන් ගුණවර්ධන

සතොස ආයතනයේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු මුණගැසී ලිඛිතවම ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පවසයි.

ඒ සඳහා සියලු ලියකියවිලි තමන් සතුව ඇතැයිද ඔහු පවසයි.

එම දූෂණ, වංචා, අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පෙන්වාදෙයි.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බද ඔහු හෙළිකර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්