මේ වනවිටත් මැතිවරණය ප්‍රකාශයට පත් කර නොමැති නුමත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණයක් සඳහා අවශ්‍ය රාජ්‍ය නිළධාරීන් සූදානම් කිරීමේ කටයතු අද (19) සිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද දින හම්බන්තොට සහ කොළඹ දිස්ත්‍රික්කවල ගොවිජන සේවා නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් හමු වී ඇති මැතිවරණ කොමසාරිස්වරයාගේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වීමට කැමැති රාජ්‍ය නිලධාරන්ට ඉල්ලුම් පත් ලබා දී තිබේ.
සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලුම් පත් ලබාදෙනු ලබන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමෙන් පසුව වන අතර මෙම සිදුවීම අනුව පැහැදිළි වන්නේ ජනාධිපතිවරයා විසින් නීතිවිරෝධීව ගෙන ඒමට බලාපොරොත්තු වන මැතිවරණයට කාටත් කලින් මැතිවරණ කොමසාරිස්වරයා සූදානම් වී ඇති බව යැයි දේශපාලන විචාරකයෝ පවසති.
Views: 0









