video: ජනාධිපතිවරණය කැඳවීම ලෝක වැසිකිලි දිනය දා

ලෝක වැසිකිලි සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ලෝක වැසිකිලි දිනය ලෙස නම් කර තිබෙන අද (නොවැම්බර් 19) ජනාධිපතිවරයාගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරුනු ඇතැයි වාර්තා පළ වේ.

ඊයේ (18) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා ‍රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් දේශපාලන අර්ථකථනයක් දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ලෝක වැසිකිලි දිනය යෙදීල තියෙන්නේ හෙට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් රටම ගඳගස්සන වැඩක් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් වෙනවා….” යනුවෙන්ය.

ලෝක වැසිකිලි සංවිධානය

Facebook
Twitter
LinkedIn