මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ 2005 වර්ෂයේ මැතිවරණ කි‍්‍රයාකාරිත්වයෙන් බැහැරව විදේශගතව සිටියදී දැඩි දේශපාලන සම්බන්ධතා පැවැත්වූ ප්රබලයෙකුගේ මෙරට නියේජිතයෙකු පසුගිය සතියේ හදිසියේ පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය හමුවූ බව අනාවරණය වේ.
මෙම හමුවීමේ අරමුණ කුමක්දැයි හෙළිවී නැත. 2005දී දැඩි චන්ද්රිකාවාදී ස්ථාවරයක සිටි පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය එම ජනාධිපතිවරණයෙදී මහින්ද විරෝධී පිලේ සිටිමින් කි‍්‍රයා කළාය. මේ වනවිට දැඩි මහින්ද වාදියෙකු ලෙස පෙනී සිටින පවිත්‍රා ඇමැතිවරිය අගමැතිවීමේ අපේක්ෂාවෙන් කි‍්‍රයා කරන බවද අනාවරණය වේ.
පාඨලී චම්පික ඇමැතිවරයා විදුලිබල ඇමැතිව සිටි සමයේ විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 150ක පාඩුවක් සිදුවන ආකාරයට කි‍්‍රයා කිරීම සම්බන්ධව උගුලක හසු කිරීමට උත්සාහ කළේ එම අරමුණෙන් බව බොහෝ ඇමැතිවරුන්ගේ මතය වී තිබේ. එය අසාර්ථක වීමෙන් පසුව මෙම නියෝජිතයා පවිත්‍රා ඇමැතිවරිය හමුවූ බව හෙළිවේ.









