කලා උළෙලටත් පාලකයන්ගෙන් බාධා

පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 20වන වරටත් පවත්වනු ලබන “මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙල කඩාකප්පල් කිරීම සඳහා පාලකයින් ගනු ලබන කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ සියළුම සිසුන් අද (13) දවසත් 12ට විරෝධතාවයක් පවත්වා ඇත.

විශ්වවිද්‍යාල භූමියේ කිසිඳු ස්ථානයක සිසුන්ට කලා උළෙලට අවශ්‍ය කු‍ටි ඉදිකිරීමට හෝ වෙනත් අංග පැවැත්වීමට අවසර ලබා නොදීමට පාලකයින් කටයුතු කර තිබේ.

ඊට අමතරව එම විශ්වවිද්‍යාලයේම සම සෞඛ්‍ය පිඨය විසින් පවත්වනු ලබන ප්‍රදර්ශනයට සමගාමීව පත්වන උත්සවයේදී ශිෂ්‍යයන් නියෝජනය කරමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විසින් පවත්වන්නට නියමිතව තිබූ දේශනය සහ සිසු විරු ගීතයට අවසර නොදීම මත සිසුන් එම ප්‍රදර්ශනයෙන් බවත් වී ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා සිසුන් විශාල දායකත්වයක් දක්වා තිබියදී පාලකයන් ගෙන යන මර්ධනකාරී කඩාකප්පල් කාරී ක්‍රියාවට එරෙහිව මෙසේ අද මෙම විරෝධතාවය පැවැත්වූ බව මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුවේ ක්‍රියාකාරිකයෙකු පැවසීය.

ආශ්‍රිත පුවත්

Facebook
Twitter
LinkedIn