"ඔඩොක්කු මෙහෙයුම" ඇනගනියි

ජනාධිපතිවරයාගේ හොඳ හිත වැඩිදියුණු කර ගැනීම සඳහා විමල් වීරවංශ ඇමතිවරයා විසින් අද (12) පවත්වන ලද ජාතික සංවිධාන එකමුතුව නම් රැලියට ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.

අප වෙඩි අඩවිය (lankatruth) මෙය ඊයේ (11) පස්වරුවේ පළ කළෙමු. මීට දින කිහිපයකට පෙර පුවත්පත්වල දැන්වීමක්පළ කරමින් ජනාධිපතිවරයා මෙයට සහභාගී වන බව වීරවංශ ඇමතිවරයා ප්‍රසිද්ධ කර තිබිණ.

ජනාධිපතිවරයා පමණක් නොව දිනේෂ්ගුණවර්ධන ඇමතිවරයා සහ චම්පික රණවක ඇමතිවරයාද සහභාගී වන බව දැන්වීමේ සඳහන් කර තිබුනද එය එසේ නොවීය. මේ නිසා වීරවංශ ඇමතිවරයාගේ “ඔඩොක්කු මෙහෙයුම” අසාර්තක වූ බව දේශපාන විශ්ලේශයන්ගේ මතයයි.

ආශ්‍රිත පුවත්

“ඔඩොක්කු මෙහෙයුමට” විමල් විතරයි

Facebook
Twitter
LinkedIn