අතාවුද සිහිනෙන් දොඩවයි

කොරියානු රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් විශාල පිරිසකගේ මුදල් වංචාකළ බවට චෝදනා එල්ලවී තිබෙන අතාවුද සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා යලිත් වරක් විදුලි පුටුව ගැන කතා කිරීමට පටන්ගෙන ඇත.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හදිසි මැතිවරණයකට යාමට හේතුවූ කරුණු දක්වමින් ප්‍රකාශකර තිබෙන්නේ මැතිවරණයකට යන්නේ හමුදා භටයන් නිළධාරීන් සහ ඊට අදාළ දේශපාලඥයන් යුරෝපීය රටකටගෙන ගොස් නඩු ඇසීමට තිබෙන උත්සාහය පරාජකිරීමට බවය.

මෙම කථාව ජනතාව ඉදිරියේ දැඩි හාස්‍යයක් බවට පත්ව තිබෙන අතර ජනාධිපතිවරයා හෝ අන් කිසිඳු ඇමතිවරයෙකු මෙවැන්නක් නොකියන පසුබිමක අතාවුද ඇමතිවරයාගේ මූල්‍ය වංචා වසාගැනීමට මෙවැනි ප්‍රකිශකරමින් පහත් ප්‍රයත්නයක් දරා ඇති බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතයයි.

Facebook
Twitter
LinkedIn