ධිවර අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ අයවැය විවාදය ඊයේ (11) පැවති අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුද ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දැඩි විවේචනයක් එල්ල කළහ.
මෙම විවාදයට විපක්ෂයෙන් එක් වූ ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට පිළිතුරු ලබා දෙමින් රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ “ඔබතුමාලාගේ ආණ්ඩු වගේ නෙවෙයි. අපේ ආණ්ඩුවේ ධීවර ඇමතිවරු ගොඩක් ඉන්නවා. ඔබතුමාලගේ ප්‍රශ්න ප්‍රශ්නයක් නෙවෙයි….” ආදි ලෙසය.
කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිට කටු ඇනෙනව ඉවසන්න බැහැ යනුවෙන් කියමනක් ඇති බවත් රාජිත සේනාරත්න මහතා සුනිල් හඳුන්නෙත්ති මහතාට කළ ප්‍රකාශයෙන් එම කියමන ගම්‍ය වන බවත් දේශපාලන විචාරකයෝ පවසති.
Views: 0









