ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමනය කරනු ලබන සියලු ඖෂධ පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතිය මකා දැමීම පිළිබඳව මේ දක්වා විධිමත් පරීක්ෂණ ආරම්භ කර නැති බව වාර්තා වේ.
මෙයට දින කීපයකට පෙර eNMRA දත්ත පද්ධතිය මෙහෙය වූ පෞද්ගතික ආයතනය විසින් මකා දමා තිබිණි. Eitic Lanka Technologies ආයතනය සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ නියෝජිතයා ලෙස 2018 වසරේදි ඖෂධ නියාමන අධිකරියේ දත්ත මෙහෙයවීමේ කටයුතු පවරා තිබේ. එයට අදාළ ගිවිසුම 2018 වසරේ සිට 2023 දක්වා වලංගුවන පරිදි අත්සන් කර ඇත.
එසේ තිබියදී රට ඉතාම ව්‍යසනකාරී වසංගතයකට මුහුණ දෙන පසුබිමක අත්‍යාවශය ඖෂධ පිළිබඳ දත්ත මකා දැමීම සහ ඒ පිළිබඳ පරීක්ෂණ නිසි බරකින් යුතුව ආරම්භ නොකිරීම බලවත් අභිරහසක්ව පවතී.
Views: 0










