සිසු ඝාතනයට එරෙහිව

මෙක්සිකෝවේ – ඉගුවාලා නගරයේ ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගුවේරේරෝ ප‍්‍රාන්තයේ විදිවල විරෝධතා දක්වා තිබේ.

පසුගිය සැප්තැම්බරයේ අතුරුදන් වූ මෙම සිසුන් මත්ද්‍රව්‍ය කල්ලියක් ඝාතනය කර ඇති බව පසුගිය සතියේ හෙළිදරව් වූ නමුත් එම කල්ලිය පවසා ඇත්තේ පොලිසියට එරෙහිව විරෝධතාවක නිරත වූ සිසුන් තමන්ට භාර දුන්නේ පොලිසිය විසින්ම බවයි.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සිසුන් රථවාහන රැසක් ගිනිබත් කර තිබේ.

අතුරුදන්වූ සිසුන්ගේ ඥාතීන් මෙක්සිකෝ හි අගනුවරදී ඊයේ (08) ද විරෝධතාවක නිරත වී ඇත.


Facebook
Twitter
LinkedIn