පසුගිය යල කන්නයේ බලපෑ අධික නියඟය හේතුවෙන් උතුරු මැද පළාතේ මැදිරිගිරිය හා මින්නේරිය ඇතුලු බොහෝ ප්රදේශවල ගොවිතැන් විනාශ විය. උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැති එම කාලයේ ජනාධිපතිවරයා එම වගා බිම්වල සංචාරය කරමින් ප්රකාශ කර සිටියේ එම ජනාතාව බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් ලබා මහ කන්නය වන තෙක් ලබා නොගැනීමටත් ණය මුදල් සඳහා පොළිය අයකර නොගන්නා බවත්ය.
වගා කටයුතු වෙනුවෙන් තම කන කර උකස් කර මුදල් ලබා ගත් ජනතාවගේ ඡන්දය එසේ බොරු කියා ලබා ගැනීමට කටයුතු කළත් මේ වනවිට එම ගොවියන්ගේ වෙත උකස් කළ රන් ආභරණ වෙන්දේසි කරන බවට බැංකු විසින් නිවේදන නිකුත් කර තිබේ.
ආණ්ඩුව විසින් මෙසේ ගොවි ජනතාව රැවටීමට එරෙහිව විරෝධය දක්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා උතුරු මැද පළාතේ බැංකු කළමණාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහ කන්නය අවසන් වනතුරු ගොවි ජනතාවගේ කන කර වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙසයි.









