එක්සත් ජාතික පක්යේ සාමාජිකයින් බලාපොරොත්තු වූ පක්ෂයේ සමගිය පැවැතියේ සුළු කාලයකි. ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය පිම්මක් ඉදිරියට පැන්නා යැයි පාක්ෂිකයෝ සතුටින් සිටියහ. නමුත් එම සතුට වැඩි කලක් පවත්වගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයින්ට හැකිවුණාදැයි දැන් දැන් පාක්ෂිකයෝ කල්පනා කරමින් සිටිති.
පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සජිත් පේ‍්‍රමදාසට ලබාදීමත් සමග නැවත වටයකින් අභ්‍යන්තර අර්බුද ලියලන්නට පටන් ගත්තේය. මංගලට දිගින් දිගටම කැපිලි ආවේ ඉන් අනතුරුවය. මංගල විසින් ආරම්භ කරන ලද සන්නිවේදන බලකායට තිත තැබීමට ඔහුට සිදුවූයේ නායකයාගේම මැදිහත්වීමෙනි. නායකත්ව මණ්ඩලයේ සිටි මංගල ගණනකට නොගෙන පක්ෂයේ කටයුතු සිදුවෙමින් ගියේය. මාතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මංගලගේ පියා එල්ල කරකර දැඩි විවේචනයක් කළේය. පක්ෂ නායක ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. මංගලට කැපිල්ලේ තරම දැනුණේ පසුගියදා පැවැති ඡන්දපොළ නියෝජිත හමුවේදීය. මංගල සමරවීරට වෙන් කර තිබුණේ වේදිකාවේ තුන්වෙනි පේලියේ අසුනකි.
සජිත් පේ‍්‍රමදාස විසින් දිගින් දිගටම මංගල එල්ල කරගිනිමින් විවේචන එල්ල කළේය. “මේ යන විදියට එජාපයට ගොඩඒමක් නැහැ වගේ. සජිත්ට යටත් වෙලා මට මේ පක්ෂයේ ඉඳලා වැඩක් නැහැ“ මංගල පාර්ලිමේන්තුවේදී තවත් මන්ත්‍රීවරයෙක් සමඟ කීවේය. මේ පිළිබඳව ආණ්ඩුවට ඉව වැටුණේය. නාමල් හා බැසිල් මංගලගේ නිවසට යන්නේ ඒ අනුවය. නිවසට ආ නාමල් බැසිල් සමග මංගල සාකච්ඡාවක නිරත විය. මේ සාකච්ඡාවෙන් පසුව මහින්ද රාජපක්ෂද මංගලගේ නිවසට ගියේය. මංගල කොන්දේසි කිහිපයක් පිළිබඳව මහින්දට කීවේය. එම කොන්දේසිවලට මහින්ද එකඟ වුණේ මංගලව ආණ්ඩුවට ගැනීම වැදගත් නිසාය.
මේ අතර ‘මහින්දට තුන්වරක් බැහැ’ සටන ඉදිරියට ඇදුනත් එක්සත් ජාතික පක්ෂය එය මඟහරිමින් සිටියි. ඒ සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පිරිසක් විශාල ලෙස කලකිරීමට පත්ව තිබේ. “මේ වෙලාවේ පක්ෂය හරියට ඉන්න ඕනෑ. සජිත්ලා, මෛත්රීලා මේක කන්න හදන්නේ. මේ වෙලාවේ නැති විරුද්ධ පක්ෂයක් රටකට වැඩක් නැහැ. දැන් තියෙන්නේ උඹලා කාගනිල්ලා කියලා වෙන රටකට ගිහින් ජීවත් වෙන එක. විජේදාසත් කලකිරිලා ඉන්නේ.“ එජාපයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ජවිපෙ නීතිඥයෙකුට කීවේ තම හිතේ අමාරුවය. මේ හේතුවෙන් ශ්‍රීනාත් පෙරේරා වැනි අය ව්‍යවස්ථාවිරෝධී ජනාධිපතිවරණයක් එපා යන සටන් පාඨය හා එක්වීමට තීරණය කර තිබේ.









