ඔබාමාටත් යනඑන මං නැති වෙයි

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන අතුරු මැතිවරණයේ වැඩි ජයග්‍රහණ ලබා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත් වී තිබේ. 2006 වසරින් පසු ජනාධිපති බැරක් ඔබාමාගේ පක්ෂයෙන් සෙනෙට් මණ්ඩලයේ බලය ගිළිහුණු පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

දැනට වාර්තා වී ඇති ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් පක්ෂය අර්කැන්සාස්, අයෝවා, මොන්ටෑනා, උතුරු කොළරාඩෝ, කොළරාඩෝ, බටහිර වර්ජිනියා, දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට සමත්වී තිබේ.

මෙම මැතිවරණය සෙනෙට් මණ්ඩල සභිකයින් 36ක් ආණ්ඩුකාරයින් 36ක් සහ පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා සාමාජිකයින් 435ක් නියෝජිතයින් ලෙස තෝරා පත්කිරීමට නියමිතව ඇත.

ඇමරිකාව තුළ වසර අටක කාලයක් පාලන බලය ගෙනගිය ඔබාමා ලැබූ දරුණුතම මැතිවරණ පරාජය මෙය බව වාර්තා වේ. ඇමරිකානූ ආර්ථිකයේ කඩා වැටීම, විරැකියාව, ලෝක දේශපාලනයට කරනු ලබන බලහත්කාරී මැදිහත් වීම් නිසා ඇමරිකාව තුළ ඔබාමාගේ ජනප්‍රියත්වය පහළ වැටී ඇත.

Facebook
Twitter
LinkedIn