මාතලේ සමූහ මිනීවළේ හමුවූ අස්ථිවල කාලනීර්ණ වාර්තාව ඇමරිකානු අධිකරණ වෛද්‍යවරුන් පිරිසක් විසින් සකස් කර එවා තිබේ. අද (04) මෙම නඩුව යලි කැඳවූ අවස්ථාවේදී මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා මේ බව අධිකරණයට දැනුම්දී ඇත.
නමුත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ලබන 18වනදා කරුණු ඉදිරිපත් කරන බවත් මෙය පිටු විශාල සංඛ්‍යාවකින් යුතු වාර්තාවක් නිසා හොඳින් අධ්‍යනයකර ඉදිරිපත් කර යුතුව ඇති බවත් මහේස්ත්‍රාත් වරයා ප්‍රකාශකර තිබේ.
මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර මෙය 1988, 89 කාලයේ අතුරුදහන් කරන ලද පුද්ගලයින් විශාල පිරිසකගේ සිරුරු වළදමා තිබූ තැනක් බව මෙරටදී සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබිණ. එම වකවානුවේ මෙම ප්‍රදේශය භාර අඥාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.
මෙම නඩුවේ පැමිණිලි කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සරත් විජයරත්න සහ සුනිල් වටගල මහත්වරු පෙනී සිටිති.









