රෙජිනෝල්ඩ්ගෙන් පහර කෑ රියදුරා අත්අඩංගුවට

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ  රියැදුරු වසන්ත ජයවර්ධනට ඊයේ (31) පස්වරුවේ පානදුර ඇටමගොඩදී සුළු අපනයන භෝග ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ඔහුගේ ආරක්ෂකයින් විසින්  පහරදී තිබේ.  පහර කෑමට ලක්වූ පුද්ගලයා අතක සහ හිසේ තුවාල සහිතව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (01) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර ඇමතිවරයාද පානදුර ප‍්‍රාදේශීය සභාවේ රියදුරෙකු පහරදුන් බව පවසමින් අද පානදුර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව, අදාළ රියදුරා පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn