කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද ඉන් රෝහල් ධාරිතාවට බලපෑමක් එල්ල වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ දක්වා මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගෙන ඇත්තේ 66 දෙනෙකු පමණක් බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ මහනගර සභාව ආශ්‍රිත සෞඛ්‍ය බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත්ය.
“දැනට අපිට රෝහල් ධාරිතාවය ගැන ප්‍රශ්නයක් නැහැ. රෝගීන්ගේ සුළු වැඩිවීමක් තියෙනවා ඇත්තටම. නමුත් අපිට දැනට ඇඳන් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. 66 දෙනා ඇරෙන්න අනිත් අයගේ තියෙන්නේ කලින් තිබ්බ බ්‍රිතාන්‍ය ප්‍රභේදයම තමයි.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
1










