තමන් සියල්ල දන්නවා යැයි සිතන “මෝඩයන්” පිරිසක් විසින් සමාජ මාධ්‍ය හරහා එල්ල කරන ප්‍රහාරයන්ට දිය හැකි හොඳම පිලිතුර වන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් ඉවත් විම බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.
ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත T20 තරඟාවලියට පෙර ක්‍රිඩකයන් සමඟ සාකච්ඡාවකට සම්බන්ධවෙමින් අදහස් පල කර ඇති ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා යම් යම් පිරිස් විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන අවලාද සහ අපහාස ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.
“මාව අනුගමනය කරන්න. මම සමාජ මාධ්‍ය වල නෑ. කොරෝනා සීමාකිරීම් නිසා යම් පනිවිඩයක් දිමට අවශ්‍යතාවය මත ට්විටර් විතරක් පාවිච්චි කරනවා.” මිකී ආතර් වැඩිදුරටත් පවසයි.
පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල විසින් පෙන්වු දුර්වල ක්‍රීඩා විලාශය සහ දිගින් දිගටම සිදුවූ විනය විරෝධි ක්‍රියාවන් හේතුවෙන් කලකිරුණ ක්‍රිඩාලෝලින් විසින් පසුගිය කාලයේදි තම ක්‍රිකට් වීරයන්ව සමාජමාධ්‍ය තුල අන්ෆලෝ(unfollow) කිරිමේ ව්‍යාපාරයක් අරඹන ලදි.










