ගම්පහ කොරෝනා ආසාදිතයින් 394ක් ගෙවල්වලම

ගම්පහ කොරෝනා ආසාදිතයින් 394ක් ගෙවල්වලම

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (30) දින සවස 4.00 පමණ වනවිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිය නිවාසවලම රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න පවසයි.

ඒ අතර අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311දෙනෙකු සිටින බවද වෛද්‍ය නලීන් ආරියරත්න සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn