හරීන් ප්‍රනාන්දු ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

හරීන් ප්‍රනාන්දු ගැන නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දී ඇත.

නීතිපති මේ බව දැනුම් දී ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.

Facebook
Twitter
LinkedIn