රට පුරා සියලුම පාසල් වසා දමයි

රට පුරා සියලුම පාසල් වසා දමයි

අප්‍රේල් 30 වැනිදා දක්වා මෙරට සියලුම පාසල් වසා දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි.

ඒ අනුව රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පෙර පාසල්, පිරිවෙන් උපකාරක පන්ති හා අධ්‍යාපනයට අදාළ සියලු කටයුතු මේ අනුව අත්හිටුවිය යුතු බවද ඇමතිවරයා කීය.

බස්නාහිර හා වයඹ පළාත හැර සෙසු පළාත්වල පාසල් අද (27) සිට වැඩ ඇරඹූවත් කොවිඩ් අවධානම හේතුවෙන් රට පුරා පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේ විශාල ලෙස අඩුව තිබේ. එසේම ත්‍රීකුණාමලය, කුරුණැගල, අම්පාර, කෑගල්ල ඇතුලු දිස්ත්‍රික්ක ගණනාවක අධ්‍යාපන බලධාරීන් පාසල් වසා දැමීමට නිවේදනය කිරීම් හමුවේ තත්වය තව දුරටත් සංකීර්ණ වීම හමුවේ ආණ්ඩුවේ බලධාරීන්ට මෙවැනි තීන්දුවක් ගැනීමට බලකර තිබේ.

Facebook
Twitter
LinkedIn