ජනාධිපතිවරයා විසින් සෑම සතිපතාම පවත්වාගෙන යාමට ආරම්භ කරන ලද ගම සමග පිළිසඳර නම් ප්රචාරක ව්‍යාපාරය හදිසියේ අතරමග නවතා දමා ඇතැයි ප්‍රබල සැකයක් දේශපාලන අංශ තුළ වර්ධනය වී තිබේ.
එම සැකයට ප්‍රධාන හේතු දෙකක් පදනම් වී ඇති බව අනාවරණය වේ. ඉන් පළමු වැන්න ‘ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය‘ නමින් අලුතින් බලකායක් පිහිටුවා එහි ප්‍රධානියා වශයෙන් නාමල් රාජපක්ෂ පත්කිරීමය. ජනාධිපතිවරයාගේ එම ව්‍යාපෘතියේ ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමය ඉටුකිරීම සඳහා මෙම බලකාය පත්කරන ලද බව නිල නිවේදනයේ සඳහන් විය. අප්‍රේල් 9වන දින මෙම බලකාය පිහිටුවීය.
ඉන්පසුව ගම සමග පිළිසඳර වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා යන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ඊයේ (26) හල්දුමුල්ල වෙලංවිට ගම්මානයේ චාරිකාවක නිරත විය. මෙම චාරිකාව සිදුකරන බව පසුගිය 22වන දින නිවේදනය කර තිබිණි. මෙම කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර ප්රචාරක ව්‍යාපාරය අතරමග නවතා දමා ඇතැයි සැකමතු වී තිබේ.










