කොළඹට චීන පොලීසියක්

කොළඹට චීන පොලීසියක්

කොළඹ වරාය නගරය තුළ නීතිය බලාත්මක කිරීම සඳහා චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

චීන රජයේ පාර්ශවයෙන් මෙම යෝජනාව කර ඇත්තේ සියට අසුවක පමණ හිමිකාරිත්වයක් දරන පෝට් සිටි ව්‍යාපෘතිය තුළ වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුමට අනුව එම නීති පද්ධතිය කෙටුම්පත් කර ඇති වටපිටාවකය.

මෙසේ චීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් පොලිසියක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා චීන ආරක්ෂක අමාත්‍යවරයා ද දිවයිනට පැමිණීමට නියමිත බව වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබු බවද මේ පිළිබඳව වාර්තා කරන ලංකා පුවත්පත පවසයි.

Facebook
Twitter
LinkedIn