රිෂාඩ්, රියාජ් යළි අත්අඩංගුවට

රිෂාඩ්, රියාජ් යළි අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අළුයම යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ වනවිට ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn