යෝජිත වරාය නගර කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී එහි බහුතරය ශ්‍රී ලාංකිකයන් පත් කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කරන බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබේ.
ඒ අතරමැදි පෙත්සම් කරුවන් වන මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පෙනී සිටිමිණි.
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේ අවසන් දිනය වන අද (22) අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කළ අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයේදී අනාවරණය විය.
යෝජිත වරාය නගර කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේදී විදේශිකයන් පත්කිරීමේ අනතුරක් ඇති බවත් එය මෙරට ස්වෛරීභාවයට එල්ලවන තර්ජනයක් බවත් වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් කරුවෝ මතු කර ඇති ප්‍රධාන චෝදනාවකි.
අද අධිකරණයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයින් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් පත් කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කරන බවට වන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්ගේ කරුණුවලින් පැහැදිලි වන්නේ මෙම කොමිසම සඳහා විදේශිකයන්ද පත් කිරීමට ඇති සූදානම් පිළිබඳව බවය.










