“පාස්කු ඉරුදින
ම්ලේච්ඡ ප්‍රහාරයේ
සත්‍යය යටගැසීම සාහසික ක්‍රියාවකි.
රටේම ආරක්ෂාව අනතුරේ.
දෙවසරක ඉවසීමට යුක්තිය ඉටු කරනු!”
යනුවෙන් ඊයේ (21) කතෝලික ප්‍රජාව විසින් කතෝලික පල්ලි ආශ්‍රිතව අලවා තිබූ පෝස්ටර් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. අදාල දේවස්ථානවල පියතුමන් සහ කතෝලික ජනතාව මේ පිළිබඳව පොලීසියෙන් විමසීමේ දී පොලිසිය කියා ඇත්තේ මෙය ඉහළින් ලැබුණු නියෝගයක් මත සිදුකරන බවයි. මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසීමේ දී සමහර පොලිස් ස්ථානාධිපතිවරුන් පවසා ඇත්තේ මේ පෝස්ටරයේ සඳහන් “සත්‍යය යටගැසීම” යන වදන්වලින් ජනතාව අතර ප්‍රකෝප වීමක් ඇතිවිය හැකි බවයි.
මේ අතර පාස්කු ප්‍රහාරයේ “මහ මොළ කරුවන් නිදැල්ලේ” ලෙස සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා අලවන ලද පෝස්ටරයද පොලිසිය යොදවා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.
Views: 0














