කොරෝනා හිස ඔසවයි… කුරුණෑගල ගමක් ලොක්ඩවුන්…

කොරෝනා හිස ඔසවයි… කුරුණෑගල ගමක් ලොක්ඩවුන්…

කොවිඩ් – 19 අවදානමක් හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමකට සංචරණ සීමා පනවා ඇත.

මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ හිරිපිටිය තිත්තවැල්ගාල ගම් ප්‍රදේශයටය.

තිත්තවැල්ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස ප්‍රථමයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් 72ක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එම පරීක්ෂණවලදී ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන ඇත. එමෙන්ම එම ආසාදිතයින් එම ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පැමිණ තිබීම හේතුවෙන් ප්‍රදේශයේ සියලු දෙනාම ආසාදිතයින් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බවත් එම සියලුම නිසාව නිරෝධායනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn