ජීවන් තොණ්ඩමන් කාන්තාවන්ට අපහාස කළා… වතුකරයේ විරෝධතා…

ජීවන් තොණ්ඩමන් කාන්තාවන්ට අපහාස කළා… වතුකරයේ විරෝධතා…

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කර ඇති ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් අද (18) හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී විරෝධතාවයක නිරත වූහ.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පසුගිය දා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේදි වතු කම්කරුවන්ට රුපියල් 1000ක මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා පැවති රැස්වීමකදි කාන්තාවන්ට අපහස වන පරිදි අසභ්‍යය වචනයක් ප්‍රකාශ කර ඇතැයි මෙම කාන්තාවෝ පවසති.

කාන්තාවකට අපහස වන පරිදි පරුෂ වචනයෙන් සිදු කළේ යැයි කියන ප්‍රකාශය සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය වු බව උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවෝ වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn