කියුබාවේ තරුණ පරම්පරාවට නායකත්වයක් සදහා තමන් ඉඩකඩ සලසා දෙන බව පවසමින් 89 වන වියෙහි පසුවන රාවුල් කැස්ත්‍රෝ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා වී තිබේ.
දින 04ක් මුළුල්ලේ පවත්වන කොංග්රස් ඡන්ද විමසීමකින් අනතුරුව පක්ෂ නායකයා තෝරා ගැනීමට නියමිතය.
1959 වසරේ කියුබා විප්ලවයෙන් අනතුරුව ෆිදෙල් කැස්ත්‍රෝ හා ඔහුගේ සහෝදර රාවුල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වය හොබවා තිබේ.
රාවුල් කැස්ත්‍රෝ 2008 – 2018 කාලයේ කියුබාවේ ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළ අතර පසුව ඉනත් ඉවත් වූ ඔහු කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය.
Views: 0










