බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම ගැටීමක් !

බදු සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම ගැටීමක් !

ඉදිරි වසර 05ක කාලය තුළ දී දැනට ක්‍රියාත්මක වන කිසිදු බදු ප්‍රතිපත්තියක් වෙනස් නොකරන බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ. මේ අතර පසුගිය 15වැනිදා අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද බදු සංශෝධන යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබීම විශේෂත්වයකි.

එම කැබිනට් මණ්ඩල යෝජනාව අනුව බදු පනත් ගණනාවක් සංශෝධනය කිරීමට යෝජනා ස්ථිර කරගෙන ඇත. ජනාධිපතිවරයාගේ ආර්ථික පුනර්ජීවන මූලාරම්භයන්වලට අදාළව මෙම බදු ප්‍රතිසංස්කරණ සිදුකරණ බව අදාළ කැබිනට් නිල නිවේදනයේ සඳහන් ය. මෙම යෝජනාව කැබිනට් අනුමැතියෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබියදී ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ‘ඉදිරි වසර 5ට බදු වෙනස් කරන්නේ නෑ“ යනුවෙන්ය. ආණ්ඩුවේ දිනමිණ පුවත්පත මෙම ප්‍රවෘත්තිය පළ කර තිබේ.

කොළඹ දී පවත්වන ලද ‘කොළඹ සංවර්ධන සම්මන්ත්‍රණය“ නම් වැඩමුළුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. බදු ප්‍රතිපත්ති වෙනස් නොකිරීම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති රාමුවට අනුව ක්‍රියාත්මක කරන්නේ යැයි ජනාධිපති ලේකම්වරයා පවසා ඇත.

Facebook
Twitter
LinkedIn