අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවෙන් මතු වූ කොවිඩ් – 19 පොකුරේ ආසාදිතයන් ගණන මේ වනවිට 36 දක්වා වර්ධය වී ඇති බවත් ඒ අතර සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකු සිටින බවත් තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක පවසයි.
මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයිද සෞඛ්‍ය අංශ කියයි.
ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා, ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරාද ඊට ඇතුළු වේ.
කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකුද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබිණි.
මේ වනවිට තලාව, මොරගොඩ, එප්පාවල, කටියාව, කැළේ සියඹලෑව, ඇදගල, නල්ලමුදාව, තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද ඔහු පවසයි.
මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව සහ නාච්චාදුව යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කළ බවද ඔහු සඳහන් කරයි.










