කෝටි දහතර දහසක් ඉක්මවූ බදු පොල්ලක්

කෝටි දහතර දහසක් ඉක්මවූ බදු පොල්ලක්

ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම නිසා රුපියල් කෝටි දාහතර දහස් හාරසිය පනස් තුනකට අධික මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

මේලෙස ආදායම් බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ පිරිස දෙසීයකට අධික බව පැවසෙන අතර ඊට මූල්‍ය ආයතන, කැසිනෝ ව්‍යාපාර හා රාජ්‍ය ආයතන අයත් බව වාර්තා වේ. බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් රාජ්‍ය ආයතන මේ වන විට ඈවර කර ඇති බවද පැවසේ.

මේ අතර ආයතන හා පුද්ගලයන් රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත්වලින් රුපියල් කෝටි දෙසිය පහළිස් පහකට වැඩි වටිනා චෙක්පත් දස දහස් අටසිය හැත්තෑ අටක් අගරුවී ඇතැයි ද රජයේ ගිණුම් කාරක සභාවේදි තොරතුරු හෙළිව ඇත.

Facebook
Twitter
LinkedIn