ඉන්දුනීසියාවේ ජාවා දූපතේ බටහිර ජාවා පළාතේ බැලොන්ගන් පිරිපහදුවේ ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් එහි පිහිටි විශාල ප්‍රමාණයේ තෙල් ටැංකි හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා සිට සැතපුම් 110 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයේ හටගත් ගින්නෙහි ආලෝකය කිලෝමීටර් ගණනාවක් ඇතට දිස්වූ බව වාර්තා වේ. ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර අවට පදිංචිකරුවන් දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම නිසා ජීවිත හානි වළක්වා ගැනීමට හැකිවූ බව පැවසේ.
මෙම ඉන්ධන පිරිපහදුව ඉන්දුනීසියානු රජය සතු පර්ටාමිනා නම් සමාගමක් හරහා ක්‍රියාත්මක බව පැවසේ. එහි ප්‍රකාශකයකු පවසා ඇත්තේ ගින්න හට ගන්නා අවස්ථාවේ ප්‍රදේශයට අධික වර්ෂාවත් සමඟ අකුණු සැර ඇතිවූ බවත් ගින්නට හේතුව නිශ්චිතවම නොදන්නා නමුත් අකුණු සැර වැදීමෙන් ගින්න ආරම්භ වන්නට ඇති බවත්ය.












