ජනතාව ආණ්ඩුව ගැන කළකිරිලා – නාලක ගොඩහේවා

ජනතාව ආණ්ඩුව ගැන කළකිරිලා – නාලක ගොඩහේවා

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට ලැබිය යුතු ජන ප්‍රසාදය වත්මන් ආණ්ඩුවට නැතැයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි. ජනතාව අතර ආණ්ඩුව සම්බන්ධයෙන් ගැටලු සහ අප්‍රසාදයන් ඇතිවී තිබෙන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුද ඇතිවී තිබෙන බවත් පවසන නාලක ගොඩහේවා ආණ්ඩුව තුල සිටින කණ්ඩායම් වල සමඟිය නැතිවී ගියහොත් ඊලඟ මැතිවරණය පරාජය වන බව පවසයි.
ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිතියක ගම්පහ දිස්ත්‍රික් රැස්විමකදී අදහස් පල කල නාලක ගොඩහේවා රාජ්‍ය ඇමතිවරයා ආණ්ඩුවේ සමහර කණ්ඩායම් විසින් වියත්මඟට පහරදීම නතර කල යුතු බව පවසයි.
“ආණ්ඩුවේ හැම වැඩේටම ඇඟිල්ල දික් කරන්නේ වියත්මඟට. ටයි එකක් දාපු හැමෝම වියත්මගේ අය නෙවෙයි.” නාලක ගොඩහේවා වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් නාලක ගොඩහේවාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් ආණ්ඩුවේ සිටින ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසුයේ සිනි බදු වංචාවෙන් ආණ්ඩුවට මරණීය තුවාලයක් සිදුකල නුෂාඩ් පෙරේරා යනු වියත්මඟෙ සංවිධානයේ මුල්පෙළ අසුනක ටයිඑක දමාගෙන සිටි වියතෙකු බවයි.

Facebook
Twitter
LinkedIn