ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ගැන නීතිපතිගෙන් තීන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ගැන නීතිපතිගෙන් තීන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම සඳහා කමිටුවක් පත් කරන ලෙස ක්‍රීඩා ඇමතිවරයා හට නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේ 20 වැනිදා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය අවසන් වී ඇති අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය මැයි මස 20 වැනි දින පැවැත්වීමට නියමිතය. එම කාලය තෙක් මෙලෙස ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

හිටපු නිලධාරීන් දුරටත් ක්‍රිකට් පරිපාලන කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ වෙත සිය විරෝධතාව යොමු කර ඇති අතර එම විරෝධතාවය අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබේ. එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn