මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකර තිබුණි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ව නිදහස් කරන බව පවසා මහසේත්‍රාත්වරයා පවසා තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු චූදිතයින් කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබිණි. අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණයට ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් අදාළ නඩු ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවට තීන්දුකර කරමින් නියෝගයක් ලබා දී ඇත.
ඒ අනුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අය මෙලෙස නඩුවලින් නිදහස් කර ඇත.









