කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් දුෂ්කරතාවයට පත් හෝටල් සේවකයන්ට ආණ්ඩුව වහාම සහන දීමනාවක් ලබාදියයුතු බව සඳහන් කරමින් හෝටල් සේවකයෝ විරෝධතාවයක නිරතව සිටිති.
එහි එක් විරෝධතාවයක් ඊයේ (24) අලුත්ගම නගරයේදී පැවැත්විනි.
මෙම අවස්ථාවට එක්වූ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ ජානක අධිකාරී සඳහන් කර සිටියේ ලක්ෂ එකහමාරක් වන හෝටල් සේවකයින් මුහුණ දෙන අර්බුදයට ආණ්ඩුව වහාම පිළියම් යෙදීමට කටයුතු කළ යුතු බවයි.
ඉදිරියේදී තවත් විරෝධතා සංවිධානය කර ඇති බවත් ඒ අනුව මාර්තු 30 මාතරදීත්, අප්‍රේල් 01 කොළඹදීත්, අප්‍රේල් 07 ගාල්ලේදීත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සිදුකරන බව සභාපතිවරයා පැවසීය.
ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන තෙක් රටපුරා හෝටල් සේවකයින් ඒකාබද්ධ කරගනිමින් මෙම උද්ඝෝෂණ තීව්ර කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සභාපතිවරයා පැවසීය.
Views: 0












