ජගත් මනුවර්ණ කොඩි ගහ යටින් ටෙලි අධ්‍යක්ෂණයට

ජගත් මනුවර්ණ කොඩි ගහ යටින් ටෙලි අධ්‍යක්ෂණයට

රංගන ශිල්පී ජගත් මනුවර්ණ සිය කුළුඳුල් ටෙලි අධ්‍යක්ෂණය වන “කොඩි ගහ යට” ටෙලි නාට්‍යය සමඟින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිස තිබේ.

“කොඩි ගහ යට” සම අධ්‍යක්ෂණය ලසන්ත ප්‍රැන්සිස්, තිර රචනය අරුණ ප්‍රේමරත්න, කැමරාකරණය චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න, සංගීතය විහඟ විජේසේකර, වේෂ නිරූපණය නාරද ධනංජි තොටගමුව, සංස්කරණය සංඛ මල්වත්ත, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, නිෂ්පාදන කළමනාකරණය රාජා රණසිංහ සහ ප්‍රචාරණ සැලසුම් red pen event විසිනි.

දේශමාන්‍ය අනිල් බණ්ඩාරගේ නිෂ්පාදනයක් වන “කොඩි ගහ යට” මුහුරත් උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.

මෙම ටෙලිනාට්‍යය සඳහා දිල්හානි ඒකනායක, සේවියර් කණිෂ්ක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, කළණ ගුණසේකර, සුරාජ් මාපා ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයන අතර මෙම ටෙලිය දුෂ්කර ගම්මානයකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටා ගෙතෙන්නකි.

Facebook
Twitter
LinkedIn