වසර 70කටත් අධික කාලයක් පරම්පරා තුනක් පමණ පදිංචිව සිටි නිවැසියන් පිරිසකට අයත් නිවාස 150ක් පමණ පොලීසිය විසින් බලහත්කාරයෙන් විනාශ කර තිබේ.
හෝමාගම තලගල – යාල කැලේ, ප්රදේශයේ පිහිටා තිබූ නිවාස මෙසේ කඩා බිඳ දමා ඇත.
අනවසර පදිංචිකරුවන් බව සඳහන් කරමින් අධිකරණ නියෝගයක් හෝ නොමැතිව මෙම නිවාස විනාශ කර තිබේ. මේ නිසා එම ප්රදේශයේ පදිංචිව සිටි පවුල් 150 පමණ සාමාජිකයින් මහමගට වැටී ඇති බව අනාවරණය වේ.
පොලිසිය යොදවා මෙම නිවාස කඩා බිඳදැමීම පිළිබඳව හොරණ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හෝ දැනුවත් කර නැති බව අනාවරණය වේ. ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන මෙම ඉඩමේ අදාළ අනවසර පදිංචිකරුවන් මහ මගට දමා ඇත්තේ පන්සලක් ඉදිකිරීම සඳහා ලබාදීමට යැයි අනාවරණය වේ.
Views: 0










