අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 342ක්

අද මෙරටින් හමු වූ ආසාදිතයින් ගණන 342ක්

අද (10) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 342 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.

එම ආසාදිතයින් අතරින් 295 දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.

තවත් 05 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතවද අනෙක් 42දෙනා විදේශයන්හි සිට පැමිණි අයගෙන්ද වාර්තා වී ඇත.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 82,352ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 2,960 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 86,685කි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 515කි.

Facebook
Twitter
LinkedIn