කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මන්නාරම මාළු වෙළඳපොළ අද (10) සිට වසා දමා තිබේ.
මේ වනවිට එහි වෙළෙන්දන් 08 දෙනෙකු ඇතුළු 17 දෙනෙකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.
මන්නාරම මාලු වෙළඳ පොළේ සිටි වෙළෙන්ඳෙකු පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද PCR පරික්ෂණයකදී එම ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මන්නාරම මාලු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් PCR. පරික්ෂණයන්ට යොමු කර තිබේ.
එහිදී මාළු වෙළඳපොලේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත.
මාලු වෙළඳපොළේ වෙළන්දන් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කර නැවත විවෘත කිරීමට පියවර ගන්නා බව මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.










