පාස්කු කොමිෂන් වාර්තාව ගැන විවාදය අද

පාස්කු කොමිෂන් වාර්තාව ගැන විවාදය අද

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වේ.

ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස දින 03ක් විවාදයට ගැනීමට නියමිත අතර අද දිනයේ විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විවාදය සඳහා වෙන් කළ අනෙකුත් දින දෙක මාර්තු මාසයේ තෙවැනි සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී ලබාදීමට කයෙුතු යොදා ඇති බව සභානායක අමාත්‍ය දිනේෂ් පවසයි.

Facebook
Twitter
LinkedIn