දවසේ ආසාදිතයින් 338 යි මරණ 4 යි

දවසේ ආසාදිතයින් 338 යි මරණ 4 යි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අද (05) දවසේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව මේ දක්වා සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේ ම අද දවසේ ගතවූ කාලය තුළ නව කොවිඩ් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80773ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දවසේ මිය ගිය කොවිඩ් ආසාදිතයින් වන්නේ අටාල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ-08 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ-10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක් සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn